Sample Page

Jul
26
Jul
26

හිතම පාරන පෙම්කව- by Shashikala Kalhari

හීන මංසල මඟ ඇහිරු සුපෙම්පත් හිරිකඩය සුසුම් සුවඳක මඟක් රැන්දූ සිහිනය ලියූ නොලියූ අකුරු අතරේ අදත් පිච්චෙන වචනය යන්න හැකිනම් ගන්න හැකිනම් නුබයි, මා ආසම ළබැඳිය ඉතිං,  සුපෙම්වත දැන් හදින් නික්මෙන්න මට අහිමි වූ සරසවිය තවත් මල් නමින් සරසවන්න…   ශශිකලා කල්හාරි පළමු වසර අධ්‍යාපන පීඨය
By samadara | blogitems
DETAIL

දර්ශනය බිහි කළේ පිරිමිම ද? – By Pabodha Madunethmi

දර්ශනය බිහි කළේ පිරිමිම ද? මග්දලේනා නුඹද ඇණ ගැසූ ප්‍රේමයේ බර දරා හිනැහුණු වයින් බඳුනක ලෙයක් පිටුපස කිණිස්සක් ඇත සැඟවුණු.. කල්පාන්තර පෙමක ජූජකට බිලි වුණු මන්ද්‍රි දේවී නුඹද පාරමී මාවතේ බෝසතුට ගිලිහුණු.. ප්‍රේමයේ සීතලම අලු යට ගිනි පුපුරටත් ඇවිලුණු ආත්මාර්ථය පිරුණු තනුවක බමර තත සිඳලූ පසු කවිය නුඹමද නොගැයුණු.. සැන්තපී පරපුරක කඳුලු ගංගා වැගිරුණු කාකපාදෙක [...]
By samadara | blogitems
DETAIL

By Paramee Ayodya Jayalath

නිමිත්ත- සාමාන්‍ය පිරිමියෙක්ගේ හදවත කාන්තාවකගේ හදවතට වඩා අවුන්ස 2 ක් පමණ බර වැඩිය. සැහැල්ලුයි කියා හිතුවාට නුඹෙ හද කප්පරක් බර ඇයිද උහුලාන මේ හැටිම කැමති නම් එයින් අවුන්සයක්වත් දෙන්න මටත් පුළුවනි තවත් බර ටිකක් උහුලන්න. පාරමී අයෝධ්‍යා ජයලත් අධ්‍යාපන පීඨය දෙවන වසර
By samadara | blogitems
DETAIL